පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

By In

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් හා ඔබ එම ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අදාළ ආයතනයේ ම නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත. එසේම යම් හෙයකින් නම් කරන ලද නිලධාරියා එම අභායචනයට පිළිතුරු ලබා නොදේ නම් හෝ ඔහු ලබා දුන් පිළිතුර පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම වෙත අභියාචනා කළ හැකි ය. 

ඒ අනුව යමෙකු හට ’තොරතුරු කොමිසම යනු කුමක් ද? එය අපගේ ඉල්ලීමට කෙසේ ප්‍රතිචාර දක්වයි ද?’ යනාදී ගැටලු ඇතිවිය හැකි ය. 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව තොරතුරු දැනගැනීමේ පනතෙහි කටයුතු අධීක්‍ෂණය කරන අතර, රාජ්‍ය බලධාරීන් පනත යටතේ නියම කර ඇති රාජකාරී ඉටු කරන්නේ ද යන වග සොයා බලයි. මෙම කොමිසම විනිවිදභාවයකින් යුක්ත වන අතර ස්වාධීන වූවකි. පනත සම්බන්ධ කරුණු වල දී නීතිය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීමට මෙන් ම යම් හෙයකින් පනතෙහි එන ධාරණාවන් උල්ලංධනය කෙරෙන්නේ නම්ප නඩු පැවරීමට හෝ අභියාචනා කිරීමට කොමිසමට බලය ඇත.

කොමිසම සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන් සාමාජිකයින් තිදෙනෙක් කර්තෘවරුන්, ප්‍රකාශකවරුන් හා මාධ්‍යවේදී කණ්ඩායම් වලින්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් හා සිවිල් සමාජ සංවිධාන මගින් කෙරෙන නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවීමෙන් පසුව නම් කරනු ලබන අතර අනෙක් සාමාජිකයින් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මහජන අයදුම්පත්‍ර ක්‍රියාවලියක් මගින් තෝරා පත්කරගනු ලැබේ. ඒ අනුව මෙම කොමිසම ස්වාධීන එකක් වේ. 

එමෙන්ම කොමිසම මගින් වාර්ෂික වාර්තාවක් නිකුත් කෙරේ. එය එහි සියලුම කාර්යයන් ආවරණය කරනු ලබයි. එහි පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරරෙන අතර තවත් පිටපතක් රටේ ජනාධිපතිවරයා වෙත නිකුත් කරයි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති දෙකකට පසු මහජනතාවට ප්‍රසිද්ධ කළ යුතු වේ. එය මහජනතාවගේ පරිශීලනය සඳහා කොමිෂන් සභා කාර්යාලයේ තැබීමට හෝ එහි වෙබ් අඩවියට උඩුගත කළ හැකි ය. මන්ද කොමිසම සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විනිවිදභාවය පවත්වාගත යුතු හෙයිනි. 

තොරතුැරු දැනගැනීමේ කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇත. ඔබට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩිදුර දැනුවත් වීමට අවශ්‍ය වන්නේ නම් එම කාර්යාලය වෙත ගොස් වඩාත් පැහැදැලි ලෙස අදාළ කරුණු පිළිබඳ දැනුවත් විය හැකි ය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම ද කළ හැකි ය. 

මූලාශ්‍රය  – ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ නීතිය – පුරවැසි අත්පොත 

පුවත්

කොන්ත්‍රාත්කරුගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් අෂ්රෆ් අනුස්මරණ රෝහලට මහල් හයක් අහිමි වෙයි.

රිෆ්ති අලි කල්මුණේ, අෂ්රෆ් අනුස්මරණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි සේවා අංශය වෙනුවෙන් ඉදි කෙරෙමින් තිබූ මහල් හයක ගොඩනැගිල්ලේ ඉදිකිරීම්…

By In
පුවත්

“පොදු යහපත උදෙසා වන පදනමින් තොරතුරු ලබාදෙන්න” මාතර මහ රෝහලට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු කොමිසම නියෝග කරයි

බොහොමයක් පොදු අධිකාරීන් පනතේ පස්වන වගන්තිය අවභාවිත කරලා. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාතර මහ රෝහලෙන් හා  සෞඛ්‍ය…

By In
Uncategorized, පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා පන්නරය ලබන පොළොන්නරුවේ ගොවි ජන අරගල

එස්. එම්. මනෝජ්“මේ පොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහ පොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ…

By In
පුවත්

තොරතුරු දැනගැනීමේ පනතට අනුව එක් කොලයක  තොරතුරු දෙන්න නුවරඑළිය ගොවිජනසේවා කාර්යාලය රුපියල් 300ක් අරන්

සිමෙන්ති සංස්ථාවෙන් ලිපිය තැපැල් කරන්නත් සල්ලි අරන් ගාස්තුවලට පිටින් අයකරගනිමක් සිදුකර තිබේනම් එය වරදක් – නීතිඥයෙකු ජගත් ලියනආරච්චි රාහුල් සමන්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *